Sunday, May 15, 2016

යහපාලන "වැට්" සහ හොරාගේ අම්මගේ "මිල නියාමනය"


මොකක් හරි අප්සෙට් එකක් හින්දා, අපේ "යහපාලන" රජය සෞඛ්‍ය සේවාවටත් සඳහා "වැට්" බදු පනවලා තියනවා... මේ අතරතුර, පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුල මහජනතාව ගසාකෑම වලක්වන්න හදලා තියන "පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමන සභාව" පෞද්ගලික රෝහල්වලට සහ රසායනාගාරවලට නියෝග කරනවා, ඒවායේ දැනට පවත්නා මිල තුන් ගුණයකින් විතර වැඩි කරන්න කියලා. මේ ඔක්කොමත් එක්ක "ඉබ්බා දියට දැම්මම, ඇන්නැවේ කිව්වා වගේ", කරුණානායක මහත්තයාගේ 15% "වැට්" එක, 50%ට, 60% රවුම් කර කර නැගලා යනවා. "ඔක්කොම කුණු බෙන්ගාල බොක්කට" කියලා, ගෙව-ගෙවා ඉන්න "පුරවැසි බලය" අනිත් පැත්තට වැඩකරන්න ඉස්සර වෙලා, ටිකක් හොයලා බැලුවනම් තමා ඇඟට ගුණ...

No comments:

Post a Comment