Monday, August 19, 2013



ඇදුරු කාලෝ - අපට සදා විරුවෙකි !
           http://slsmls.org/

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයකි. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ගේ ගුරුවරයෙකි. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වය හේතුවෙන්, ඔහු විද්‍යාව හෙවත් යතාර්ථවාදී කලාව දන්නා විරළ කළා කරුවන් අතරට එක්වෙනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

කාලෝ ෆොන්සේකා යන නාමය මුල් වරට කරලියට පැමිණියේ 1970 දශකයේදීය. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වීය. හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු වශයෙන්, අවිද්‍යාව රජයන රටක-විද්‍යාව කෙරෙහි විශ්වාස තබන අප, එතුමන්ව ගුරු තැන්හි තබමු.

අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සෘජු දර්ෂණය, බොහෝ ලාංකිකයන්ගේ “දුපත් මනසට” කුණාටුවක් වූයේය. බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගිය ඔහු, ඔහුගේ කුලයේ එකාධිකාරයේ පහස ලැබීම වෙනුවට ඊට එරෙහිව අරගල කළා. පරිපුරක වෛද්‍ය සේවයේ අධ්‍යාපන තත්වය නංවාලීම උදෙසා “වෙද” කුලයේ සිට අරගල කල ඔහු අපට සැබෑ විරුවෙක්‌....

ඔහුගේ ඉක්මන් සුවය අප සැමගේ පැතුමයි !

No comments:

Post a Comment