Sunday, September 30, 2018

History of Medical laboratory Science, Sri Lanka





මේ අප ඉතිහාසය වෙනස් කළ පරිච්ඡේද වලින් කිහිපයක් පමණි. මේ කිසිවක් සඳහා රජයේ ප්‍රතිපාදන ලැබුනේ නැත, ව්‍යාපෘති ලියවුනේද නැත, ඒ වෙනුවෙන් උසස්වීම් වරප්‍රසාද වරදාන ලැබුනේද නැත. නමුත් ඒ දැනුම ඒ අභාෂය අප  සඟවාගන්නේද නැත. ඒ සියල්ල අප අපගේ සේවා ලාභියාවෙත දායාද කරනු ලබන්නේ එය අපගේ වෘත්තීය යුතුකම ලෙස සළකමිනි.


වෛද්‍ය රසායනාගාර සේවාවේත්, සෞඛ්‍ය සේවාවේත් ප්‍රගමනය උදෙසා ස්වයංපෝෂිත වූ වෘත්තිකයන් හදන්නට හැකිවූ අභිමානය පමණක් අපට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික වෛද්‍ය රසායනාගාර සේවාවට පන්නරය සපයනු ඇත.