Monday, May 21, 2018

SAITAM වලින් සිංගප්පූරුවට ගිය අණ්ඩු පෙරලිල්ල 
සහ ආණ්ඩුවේ හොට පැටලිල්ල

 

සිංගප්පූරුව සමග අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පෑමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් කලේය. එයට විරුද්ධ වීමට හේතුවක් තවදුරටත් හැදෙමින් අතර ඔවුන් ඒ සදහා අවිධිමත්ව පහත කරුණු සමාජ ගත කරමින් සිටී.




1. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අවිශ්වසනීය පුද්ගලයෙකි. ඒ නිසා මේ පසුපස කොමිස් ජාවාරමක් තිබේ.

2. මේ ගිවිසුම ගැන අප හරියට දන්නේ නැත. ඒ නිසා මෙය කුමන්ත්‍රණයක්.

2. මෙයින් ලංකාවේ රැකියා අවස්ථා විදේශිකයන් අතට යා හැකි ය.

3. සිංගප්පූරුවෙන් කරනු ලබන ආනයන හේතුවෙන් ලංකාවේ කර්මාන්ත බිඳ වැටිය හැකි ය.



ආණ්ඩුවෙන් පඩි කන උපදේශකලා මේවාට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ ජනාධිපති කවුරු හරි වරද්දගන්නකං "හරි එක" කියන්න බලගෙන ඉන්නේ ඇයි? ආණ්ඩුවේ සහ ඇමතිලාගේ මාධ්‍ය ඒකක වල "මේ දවස් වල බිස්නස්" මොනවාද?