Monday, November 18, 2013

About National Blood Center (මෙහෙම වැඩ කරන්නේ මොළේ කොළොප්පංද?)


   මෙහෙම වැඩ කරන්නේ මොළේ කොළොප්පංද?
    ඒමන්ති මාරඹේ

රජයේ රෝහල් රක්‌තවේද රසායනාගාර තුළ භාවිත කළ යුතු රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ සංකුලතාවන් හඳුනා ගැනීම සඳහා වන පරීක්‍ෂණ සිදු කරන "ත්‍රොම්බෝ ඉලාස්‌ටෝමෙටි්‍ර" නමැති රුපියල් මිලියන 42 ක්‌ පමණ වටිනා යන්ත්‍ර 7 ක්‌ සෞඛ්‍ය බලධාරීන් විසින් එම යන්ත්‍ර අවශ්‍ය නොවන රජයේ රුධිර මධ්‍යස්‌aථාන (ලේ බැංකු) වෙත බෙදා හැරීමට කටයුතු කර ගෙන යන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

සති තුනකට පමණ පෙර මෙරටට ආනයනය කර ඇති මෙම යන්ත්‍ර හරහා සිදු කෙරෙන රුධිරය කැටි ගැසීමේ සංකූලතාවන් හඳුනා ගැනීම සඳහා වන පරීක්‍ෂණයන් සිදු කිරීම අධීක්‍ෂණය කළ යුතු රක්‌තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් රුධිර මධ්‍යස්‌ථානවල නොසිටියදීත් එම යන්ත්‍ර රුධිර මධ්‍යස්‌ථානවලට බෙදා හැරීමට යැම ගැටලුවක්‌ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම "ත්‍රොම්බෝ ඉලාස්‌ටෝමෙටි්‍ර" යන්ත්‍ර ලබාදෙන ලෙස කරාපිටිය ශික්‍ෂණ, යාපනය ශික්‍ෂණ, බදුල්ල, රත්නපුර යන රෝහල් විසින් ඉල්ලීම් කර තිබියදීත් ඒවා අවශ්‍ය නොවන රුධිර මධ්‍යස්‌ථානවලට එම යන්ත්‍ර බෙදා හැරීමට කටයුතු යොදා ඇත්තේ රෝහල්වල සිදු කෙරෙන අදාළ පරීක්‍ෂණයන් රුධිර මධ්‍යස්‌ථානවලදී නැවත සිදු කර එම යන්ත්‍ර ගෙන්වූ සමාගමින් කොමිස්‌ මුදල් ලබා ගැනීමේ අරමුණින් බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

මෙවැනි යන්ත්‍ර දැනට පවතිනුයේ කොළඹ ජාතික හා මහනුවර යන රෝහල්වල පමණක්‌ බවත් එම යන්ත්‍ර හරහා සිදු කෙරෙන පරීක්‍ෂණයන් අධීක්‍ෂණය කළ යුතු රක්‌තවේද විශේෂඥ වෛද්‍යවරුන් සිටිනුයේ රජයේ රෝහල්වල පමණක්‌ බව කී ඔහු එවැනි තත්ත්වයක්‌ තිබියදී සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් සිටින රුධිර මධ්‍යස්‌ථානවලට එම යන්ත්‍ර බෙදා හැරීම බලවත් අපරාධයක්‌ බව අවධාරණය කළේය.

දැනටමත් කොළඹ ජාතික රෝහලෙන් රුධිරය කැටි ගැසීමේ තත්ත්වයන් පවතින රෝගීන්ගේ සිදු කරනු ලබන පරීක්‍ෂණ වාර්තා එම රෝගීන්ට අවශ්‍ය රුධිර වර්ගය ලබාගැනීම සඳහා කොළඹ ජාතික රුධිර මධ්‍යස්‌ථානය වෙත යෑවූ විටදී එම පරීක්‍ෂණය එහි ඇති "ත්‍රොම්බ්‍රොa ඉලාස්‌ටෝමෙටි්‍ර" යන්ත්‍රය හරහා නැවත සිදු කර පරීක්‍ෂණ වාර්තා වෙනස්‌ කිරීමට නිලධාරීන් කටයුතු කරන බවට රවී කුමුදේශ් මහතා චෝදනා කළේය.



http://slsmls.org/   Sunday 17, November